ඇමති සජිත් සියොන් දෙව්මැදුර නිරීක්ෂණයක

(කොළඹ, ලංකාපුවත්) – අප්‍රේල් මස 21 වැනිදා ත්‍රස්තවාදී ප්‍රහාරයට ලක්ව විනාශයට පත් මඩකලපුව සියොන් දේවස්ථානය නිරීක්ෂණය කිරීමට නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා (01) එහි ගියේය.

අනතුරුව එහිදී විපතට පත් පවුල්වල සාමාජිකයන් හමු වී ඔවුන් වෙත සිය ශෝකය පළ කළ අමාත්‍යවරයා එම පවුල්වල ප්‍රශ්නවලට කඩිනම් විසඳුම් ලබාදීම පිළිබඳවද සාකච්ඡා කළේය.

දේවස්ථානයේ පූර්ණ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවකටද එහිදී අමාත්‍යවරයා සහභාගි විය.

විපතට පත් පවුල් වෙනුවෙන් සිය අමාත්‍යාංශය යටතේ පවතින නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය මඟින් විශේෂ සමාජ සජිවීකරණ වැඩසටහන් 6ක් ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා එහිදී පැවසීය. ඒ අනුව ‘ප්‍රජා සවිය’, ‘දෑත සවිය’, ‘නිපුණ සවිය’, ‘දැය සවිය’, ‘දිරිය සවිය’ සහ ‘දිරිය නිවස’ යනුවෙන් සය වැදෑරුම් විශේෂිත වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ. මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේ විපතට පත් පවුලෙන් පවුල හෝ පුද්ගලයාගෙන් පුද්ගලයා වෙත ගොස් ඔවුන්ගේ අවශ්‍යතා සොයා බලා ඒවාට ප්‍රමුඛතා පදනමින් විසඳුම් ලබා දීමට කටයුතු කරන බවයි.

සිද්ධියෙන් විපතට පත්, තමන්ගේම යයි කිවහැකි නිවසක් හෝ ඉඩමක් ‍නොමැති පවුල් 22ක් වෙනුවෙන් මන්මුනෙයි උතුර ප්‍රදේශයේ විශේෂ උදා ගම්මානයක් ඉදිකරන අතර එහි පූර්ණ වියදම අමාත්‍යාංශය විසින් දරනු ඇත. මෙහිදී රුපියල් මිලියන 43ක වියදමින් සිදුකිරීමට නියමිත දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ හා නව ඉදිකිරීම් කටයුතු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *