සහල් වර්ග 03ක් සඳහා උපරිම මිළක්

(කොළඹ, ලංකාපුවත්) – සහල් සඳහා වන උපරිම සිල්ලර මිළ ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. සුදු සම්බා, සුදු සහ රතු නාඩු යන සහල් වර්ග සඳහා වන උපරිම සිල්ලර මිළ ඊට ඇතුළත් ය.

සුදු සම්බා , සුදු නාඩු හා රතු නාඩු යන සහල් වර්ග සදහා උපරිම මිලක් ප්‍රකාශයට පත් කර ඇති අතර , දේශීය සුදු සම්බා කිලෝ ග්‍රෑමයක උපරිම මිළ දක්වා ඇත්තේ රුපියල් 85 ක් ලෙසින්ය.

දේශිය සුදු නාඩු කිලෝග්‍රෑමයක් රුපියල් 80 ක් ලෙසින්ද , දේශිය රතු නාඩු කිලෝග්‍රෑමයක් රුපියල් 74 ක් ලෙසින්ද උපරිම මිල නියම කර ඇත.

2019 වසරේ මැයි 31 වනදා සිට මෙම උපරිම මිල බලපැවැත්වෙන පරිදි ගැසට් නිවේදනයක් ද නිකුත් කර කිබේ.

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ප්‍රකාශ කර සිටියේ මෙම මිල නියෝගය කඩ කරන වෙළෙදුන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *