කෑම නිසා වසරකට මිලියන 600ක් අනතුරේ

(කොළඹ, ලංකාපුවත්) –සුරක්ෂිත සහ පෝෂ්‍යදායී නොවන ආහාර ගැනීම හේතුවෙන් වසරකට ලොව පුරා මිලියන 600කට අධික පිරිසක් මාරාන්තික රෝගවලට ගොදුරු වන බවත්, එහිදී සෑම පුද්ගලයන් 10 දෙනෙකුගෙන්ම එක් අයකු එම තත්ත්වයට ගොදුරු වන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ඊට අමතරව සෑම වසරකදීම ලොව පුරා වයස අවුරුදු 5ට අඩු දරුවන් සියයට 40ක් පමණ සුරක්ෂිත සහ පෝෂ්‍යදායී නොවන ආහාර භාවිතය නිසා මියයන බවත් හෙළි වී ඇත.

ලබන 7 වැනිදාට යෙදෙන ලෝක ආහාර සුරක්ෂිතතා දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය එකී කරුණු හෙළිකොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *