ජාතික හැඳුනුම්පතට ඇඟිලි සලකුණ

(කොළඹ, ලංකාපුවත්) –මෙම වසර අවසන් වීමට පෙර නිකුත් වන විද්‍යුත් ජාතික හැඳුනුම්පතට ඇඟිලි සලකුණ යොදා ආරක්ෂාකාරී නව හැඳුනුම්පතක් ලබාදෙන බව පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තු කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා සඳහන් කළේය.

මෙම නව හැඳුනුම්පත් සකස්කර නිවසටම ලැබෙන්නට සලස්වන බවද හෙතෙම කීය.

නීතිවිරෝධී ලෙස ව්‍යාජ හැඳුනුම්පත් ජාවාරම මෙම නව හැඳුනුම්පත සමඟම මුළුමනින්ම නතරවනු ඇතැයිද,වයස අවුරුදු 15 ට වැඩි සෑම පුද්ගලයකු ම නව විද්‍යුත් ජාතික හැඳුනුම්පත ලබාගත යුතු බවද කෙමසාරිස්වරයා පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *