ට්‍රම්ප්, රැජිනගේ භෝජන සංග්‍රහයට එක්වෙයි

(කොළඹ, ලංකාපුවත්) –බ්‍රිතාන්‍යයේ සංචාරයකට එක්ව සිටින අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවන එළිසබත් රැජින පැවැත් වූ රාත්‍රී භෝජන සංග්‍රහය සදහා ඊයේ(03) සහභාගී විය. ඒ බකින්හැම් මාළිගයේදී ය.

අමෙරිකා ජනාධිපතිවරයා එහිදී සදහන් කළේ අමෙරිකාව හා බ්‍රිතාන්‍ය අතර සදාතනික මිත්‍රත්වය පිළිබඳව ප්‍රශංසා කරන බවය එසේම අමෙරිකාව සහ බ්‍රිතාන්‍යය ලෝකයේ සුරක්ෂිතතාව සහ සශ්‍රීකත්වය වෙනුවෙන් කටයුතු කළ රාජ්‍යයන් දෙකක් බව සිහිපත් කළේය.

ඊයේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහය සදහා චාල්ස් කුමරු, විලියම් කුමරු සහ කේට් කුමරිය ඇතුළු රාජකීය පවුලේ කිහිප දෙනෙකුම සහභාගී වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

අමෙරිකා ජනාධිපතිවරයා තෙදින සංචාරයක් සදහා බ්‍රිතාන්‍යයට පැමිණ තිබේ. ඔහු බ්‍රිතාන්‍ය අගමැති තෙරේසා මේ හමුවීමට ද නියමිතයි.ඉන් අනතුරුව දෙවන ලෝක යුද්ධයේ නෝමැන්ඩ් මෙහෙයුමේ 75 වන සැමරුම් උත්සවය සදහා ප්‍රංශය බලා පිටත්ව යෑමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 − 19 =