රතන හිමි තවදුරටත් ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ

(කොළඹ, ලංකාපුවත්) –පූජ්‍ය අතුරලියේ රතන හිමිගේ තවදුරටත් මහනුවර මහ රෝහලේ ශල්‍ය දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පූජ්‍ය අතුරලියේ රතන හිමි පසුගිය සිකුරාදා දිනයේ උපවාසයක් ආරම්භ කල අතර බස්නාහිර සහ නැගෙනහිර ආණ්ඩුකාරවරුන් සිය ධුරවලින් ඉල්ලා අස්විමත් සමඟ උන්වහන්සේ උපවාසය අත්හරිනු ලැබීය.

දින හතරකට ආසන්න කාලයක් කෑම සහ දියර පානය නොකිරිම හේතුවෙන් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විජලන තත්ත්වයෙන් පසුවන බව මහනුවර මහරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ආර්.එම් සමන් රත්නායක මහතා සඳහන් කළේය.

මහනුවර ශ්‍රී දළදා මාළිගාව අභියසදී උපවාසයේ නිරත වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඊයේ (03) සවස 2.30 ට පමණ උපවාසය අත් හරිනු ලැබීය.

ඒ උන්වහන්සේ උපවාසයේ නිරත ස්ථානයට පැමිණි මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා අසාද් සාලි සහ එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන්ගේ ඉල්ලා අස්වීම උන්වහන්සේට ලිඛිතව දැනුම් දීමෙන් අනතුරුවයි. අනතුරුව පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ව මහනුවර රෝහල වෙත රැගෙන යාමට කටයුතු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *