විදේශ රැකියාව අවසන්ව දිවයිනට පැමිණි ශ්‍රමිකයින්ට ස්වයං රැකියා ආධාර

(කොළඹ, ලංකාපුවත්) –විදේශ රැකියාව අවසන් කර දිවයිනට පැමිණ ස්වයං රැකියාවල නිරත වන ශ්‍රමිකයින් 79 දෙනෙකු සදහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් රු. 1,754,406ක මුදලක් ලබා දීම ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ(03) සිදුවිය.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ නගර සහ කඩවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ස්වයං රැකියාවල නිරත වන විගමණික ශ්‍රමිකයින් සදහා සිය ව්‍යාපාර වැඩිදියුණු කර ගැනීම වෙනුවෙන් රු.25000ක උපරිමයකට යටත්ව මෙම ආධාර මුදල් ලබාදී තිබේ.

විදේශ රැකියාව අවසන් කර දිවයිනට පැමිණ වසර 5ක් ඇතුළත ස්වයං රැකියා ආරම්භ කර එය පවත්වාගෙන යනු ලබන ශ්‍රමිකයින්ට එය තවදුරටත් වැඩි දියුණු කර ගැනීම සඳහා මෙම ආධාර මුදල් ලබාදෙනු ලබන අතර, ප්‍රදේශයේ සංවර්ධන නිළධාරී මහත්ම මහත්මීන් මඟින් එවනු ලබන විගමණික ශ්‍රමිකයන්ගේ අයදුම්පත් කාර්යාංශ නිළධාරීන් මගින් සිදුකරනු ලබන ක්ෂේත්‍ර පරික්ෂණයක් හරහා තෝරාගැනීමෙන් පසුව ආධාර ලබාදීමට සුදුසු ශ්‍රමිකයින් තෝරාගැනීම සිදුකරයි.

මෙම වැඩසටන සදහා ත්‍රිකුණාමලය අතිරේක දිස්ත්‍රික් ලේකම් අරුන් තවරාසා, ත්‍රිකුණාමලය නගර සහ කඩවත් සහකාර ප්‍රාදේශීය ලේකම් ඒ.බී.ඒ අබේරත්න, කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සමාජ සංවර්ධන) පී.පී.වීරසේකර, කාර්යාංශයේ ප්‍රත්‍යානුකලන අංශයේ කළමණාකරු ඒ.එම්.එන්.ජයවීර, සහකාර කළමනාකරු මහේෂ් ප්‍රියන්ත හේවාවිතාන, දිස්ත්‍රික් සම්බන්ධිකරණ සංවර්ධන නිළධාරී නවාස්, ත්‍රිකුණාමලය විදේශ සේවා නියුක්ති කාර්යාංශ කාර්යාංශයේ ස්ථාන භාර නිළධාරී කමල් සුබූර් මොහිදීන් යන මහත්ම මහත්මීන්ද එක්ව සිටියහ.

එසේම 2019 ජනවාරි සිට ජූනි දක්වා කාලය තුළ විදේශ රැකියාව අවසන් කර මෙරටට පැමිණි ශ්‍රමිකයින් 128 දෙනෙකු සදහා කාර්යාංශය මගින් රු.2,905,774 ක ස්වයං රැකියා ආධාර මුදල් ප්‍රමාණයක් ලබාදී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *