සුළි කුණාටු සදහා ශ්‍රී ලංකාවෙන් නම් ඉල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – උතුරු ඉන්දියන් සාගරයේ හටගන්නා සුළි කුණාටුවලට නම් යෙදීම සදහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් නම් යෝජනා කැදවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

අදාළ නම් යෙදීම සදහා කරුණු කිහිපයක් සැලකිල්ලට ගන්නා මෙන් දැනුම් දීමක් ද කරනු ලැබේ.

යම් දේශපාලන, දේශපාලන චරිත, ආගමික විශ්වාස, සංස්කෘතික වැනි දෑ ඉලක්ක නොකළ යුතු අතර ඒවාට හානිකර නොවිය යුතු නමක් විය යුතුය. ස්ත්‍රී පුරුෂ විශේෂත්වයක් නොමැත. ලෝකයේ ඇති තුමන හෝ ජන කොටසකගේ මනෝභාවයන්ට හානි නොවිය යුතුය. රථ හෝ කෘර හෝ ස්වභාවයක් නොගත යුතුය.

උච්චාරණයේ දී පහසු විය යුතු අතර එම නම් ඉංග්‍රීසි බසින් ලිවීමේ දී උපරිම අකුරු 08කට සීමා විය යුතු බව දැනුම් දෙයි.

යෝජිත නම් ජුනි මස 15වනදාට පෙර අධ්‍යක්‍ෂ ජනරාල්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 ලිපිනයට යොමු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *