පාප් වහන්සේ රුමේනියාවේ තෙදින නිල සංචාරයක

(කොළඹ, ලංකාපුවත්) – ෆ්රැන්සිස් පාප් වහන්සේ රුමේනියාවේ තෙදින නිල සංචාරයක නිරත වේ.

එතුමා විසින් බුකාරෙස්ට් අගනුවර ශාන්ත ජෝශප් දේවස්ථානයේ පැවැත්වූ දේව මෙහෙයට විශාල පිරිසක් එක්ව සිටි බව වා‍ර්තා වේ. එම දේව මෙහෙයට පෙර රුමේනියාවේ සත්‍යලබ්ධික දේවස්ථානයේ පූජක ඩැනියෙල් හමුවීමටත්, අගනුවර නව සත්‍යලබ්ධික දේවස්ථානය නිරීක්ෂණ චාරිකාවක් සඳහා එක්වීමටත් පාප් වහන්සේ කාලය වෙන් කර ඇත.

ඊට අමතරව එතුමා මෝල්ඩෝවා ප්‍රදේශයේ දේවස්ථාන නැරඹීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *