අපරාධ නීති සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

(කොළඹ, ලංකාපුවත්) –අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය සම්බන්ධයෙන්හා වෛරී ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන්නීතිමය පියවර ගැනීමට හැකිවන පරිදි දණ්ඩ නීති සංග්‍රහය හා අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ (වැඩබලන )ඇමැතිවරයා ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ජාතීන් අතර සහජීවනය හා රාජ්‍ය ආරක්ෂාවට බාධාවන ආකාරයේ අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් හා වෛරී ප්‍රකාශ සිදුකරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට හැකිවන පරිදි මෙම සංශෝධන සිදු කිරීමට පියවර ගන්නා ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික කමිටුව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් සිදුකරන ලදි.

ඒ අනුව අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය සම්බන්ධයෙන් වන චෝදනාවට වරදකරුවකු වන පුද්ගලයකුට රුපියල් දස ලක්ෂය දක්වා වන දඩ මුදලක් හෝ වසර 5 කට නොවැඩි සිර දඬුවමක් නියම කිරිමට හෝ එම දඬුවම් දෙකටම යටත් වන පරිදි දණ්ඩ නීති සංග්‍රහය හා අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කෙරෙනු ඇත.

වෛරී ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් වරදකරු වන පුද්ගලයකුට දඩ මුදලක් හෝ සිර දඩුවමක් නියම කිරීමට හැකිවන පරිදි දණ්ඩ නීති සංග්‍රහය හා අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීම ද මේ අනුව සිදුකෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *