පාරිසරික අපරාධකරුවන් 07කට රතු නිවේදන

(කොළඹ, ලංකාපුවත්) – පාරිසරික අපරාධකරුවන් 07 දෙනෙකුට ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදන නිකුත් කර ඇත.

නීති විරෝධී අන්දමින් කැලෑ එළිපෙහෙලි කිරිම හා අලි ඇතුන් වෙළඳාම ඔවුන්ට එරෙහි චෝදනාවන් වේ. ඔවුන්ගේ ඡායාරූප ද ප්‍රසිද්ධ කර තිබේ.

එම පුද්ගලයන් කෙන්යා, ග‍්‍රීසිය සහ ස්වාසිලන්තය ඇතුළු රටවල පුරවැසියන් බව සදහන්ය.

පාරිසරික අපරාධ හේතුවෙන් ලෝකයට බරපතළ තර්ජන රැසක් එල්ල වි තිබේ. ඒවා සමථයකට පත්කිරිම සඳහා කඩිනම් ක‍්‍රියාමාර්ග ගැනීම අපේක්ෂාව වේ.

ලොව විශාලතම ජාත්‍යන්තර පොලිස් සංවිධානය වන ඉන්ටර්පෝල්, එහි සාමාජික රටවල් 194 සමග එක්ව කටයුතු කරනු ලැබේ. ඒ අනුව අනෙකුත් රටවල් සමඟ සම්බන්ධීකරණයන් අනෙකුත් අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක‍්‍රියාත්මක බව ජාත්‍යන්තර පොලිසිය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *