මීට වඩා කැපකිරීමක් සිදු කරන්නට වුවත් සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – රට වෙනුවෙන් මීට වඩා කැපකිරීමක් සිදු කරන්නට වුවත් සූදානම් බව කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා සදහන් කරයි.

අමාත්‍ය ධූරයෙන් ඉවත්වීම පිළිබඳ කරුණු පැහැදිලි කරමින් කබීර් හෂීම් මහතා මේ බව කියා සිටියේය.

“මා සිදු කරන සියළු කැපකිරීම් කිසිදු පුද්ගලයෙකු ආරක්‍ෂා කිරීමට නොවේ, ඒ සියල්ල කරන්නේ මාගේ රට වෙනුවෙන් පමණයි. රට වෙනුවෙන් මීට වඩා කැප කිරීමක් කරන්නට වුවත් මා සූදානම්.“ යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *