වවුනියා කෝවිලක පිළිමයක ඇසකින් ලේ ගලයි

(කොළඹ, ලංකාපුවත්) – වවුනියාව, සුන්දරපුරම්, පුදූර් නාග පූසනී නාගතම්බිරාන් කෝවිලේ පිළිමයක නේත්‍රාවලින් රුධිරය ගලන බව ප්‍රදේශවාසීහු පවසති.

ප්‍රදේශවාසීන් පැවසූවේ ඊයේ (05) අදාළ පිළිමයේ නේත්‍රාවලින් රුධිරය ගැලීම පටන්ගෙන ඇති අතර, පැමිණෙන රුධිරය පිස දැමුවද නැවත පැමිණෙන බව සදහන් වේ.

පත්තිනි දේව ප්‍රතිමාවක මෙම තත්ත්වය දක්නට ලැබේ.

පවතින තත්වය හමුවේ කෝවිලේ පිළිමය දැක බලා ගැනීමට බොහෝ පිරිසක් පැමිණෙමින් සිටින බවද වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *