ෆුල් ෆේස් හෙල්මට් සහිත යතුරුපැදිකරුවන් අත්අඩංගුවට ගත හැකියි

(කොළඹ, ලංකාපුවත්) –‍ෆුල්ෆේස් හෙවත් සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය වන පරිදි හිස්වැසුම් පළඳින යතුරුපැදිකරුවන් හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගැනීමේ හැකියාව පවතින බව නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයා වෙත දැනුම් දී තිබේ.

නීතිපති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය සම්බන්ධීකාරක රජයේ අධිනීතීඥ නිෂාරා ජයරත්න මෙනවිය පැවසුවේ එවැනි යතුරුපැදිකරුවන් අත්අඩංගුවට ගෙන නඩු පැවරිය හැකි බවට නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 + 10 =