අගමැති මෝදි ඉරිදා ශ්‍රී ලංකාවට

(කොළඹ, ලංකාපුවත්) – දෙවැනි වරටත් ඉන්දීය මහමැතිවරණ ජයග්‍රහණයෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ලබන 09 වනදා ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතව ඇත.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලබන 09 වනදා පෙරවරු 11.00ට කටුනායක ගුවන්තොටුවල වෙත පැමිණීමට නියමිත අතර ඔහු පිළිගැනීමේ උත්සවය එදින මධ්‍යහන 12.15ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විමට නියමිත බව වාර්තා වේ.

එදිනම පස්වරුවේ ඒ මහතා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිත ය.

දෙවැනි වරටත් ඉන්දියාවේ අගමැතිවරයා වශයෙන් පසුගිය 30වනදා දිවුරුම් දුන් නරේන්ද්‍ර මෝදි මහතා මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙන අතර අගමැතිධුරයට පත්විමෙන් අනතුරුව මේ මස 8 දා සිය පළමු විදෙස් නිල සංචාරය සඳහා මාලදිවයින බලා පිටත්ව යයි. අනතුරුව මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතය.

ඒ අනුව පාස්කු ඉරිදා එල්ලවු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලවෙන් පසුව ශ්‍රි ලංකාවේ සංචාරය කරන පළමු විදේශිය රාජ්‍ය නායකයා වන්නේ ද ඉන්දිය අගමැතිවරයායි. මීට පෙර අවස්ථා කිහිපයක දී ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන ඉන්දීය අගමැතිවරයා දෙරට අතර ද්වීපාර්ශවික සහයෝඟීතාවය ශක්තිමත් කිරීම වෙනුවෙන් සුවිශේෂී කාර්ය භාරයක් ඉටුකර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *