ලංකාව පුරා ඇති කුණු කඳු 300ක් ගැන ඇමති පාඨලීගේ අවධානය

(කොළඹ, ලංකාපුවත්) –අවිධිමත් ලෙස කසළ බැහැර කිරීම හේතුවෙන් රට පුරා කුණු කඳු 300කට අධික ප්‍රමාණයක් නිර්මාණය වී ඇති බවත් මේ සම්බන්ධයෙන් කිසිඳු පාර්ශ්වයකගේ අවධානයක් යොමු නොවූ නිසා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය එම කුණු කඳු කළමනාකරණය කිරීමේ වගකීම බාර ගත් බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මීතොටමුල්ල නාගරික උද්‍යානයේ සමාරම්භය සහ රුක් රෝපණ වැඩසටහනට ඊයේ(05)සහභාගී වෙමිනි.

බස්නාහිර පළාතේ කසළ ප්‍රශ්නයට විසඳුමක් ලෙස කසළ කළමනාකරණය කළ හැකි ස්ථානයක් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් සකස් කරනු ලැබ තිබියදීත් මීතොටමුල්ල වැනි කුණු කන්දක් මේ වන විට මුතුරාජවෙළ වගුර ආශ්‍රිතව මිනිසුන්ම බිහිකරමින් සිටින බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *