10 වැනිදා සිට මංතීරු නීතිය තදින්

(කොළඹ, ලංකාපුවත්) –‍දිවයිනේ ප්‍රධාන නගර ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට නියමිත මංතීරු නීතිය එළඹෙන 10 වැනිදා සිට දැඩිව ක්‍රියාත්මක කරන බවත් එය බහුල වශයෙන් කොළඹ, ගල්කිස්ස, දෙහිවල සහ වැලිකඩ ප්‍රදේශවල ක්‍රියාත්මක වන බවත් පොලිස් රථවාහන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

විශේෂයෙන් වාහන තදබදය අවම කිරීම, මාර්ග අනතුරු අවම කිරීමේ අරමුණින් නැවත මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිත අතර මංතීරු නීතිය සම්බන්ධයෙන් මේ වනවිට ලබාදී ඇති සහන කාලය ලබන 10 වැනිදායින් අවසන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 + 4 =