ඉන්දීය අගමැති කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට

(කොළඹ, ලංකාපුවත්) –දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට ඊයේ(09)පැමිණියේය.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විනාශයට පත් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වත්මන් තත්ත්වය පිළිබඳ සොයා බැලීම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ අරමුණ විය.

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා අමාත්‍ය සජිත් ප්‍රේමදාස , ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං සන්දු යන මහත්වරුන් ඇතුලු පිරිසක් ද මෙම අවස්ථාවට එක්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen − six =