ඉන්දු-ශ්‍රී ලංකා අගමැතිවරු ආර්ථික සබඳතා පුළුල් කිරීම ගැන සාකච්ඡා කරයි

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සබඳතා තවදුරටත් පුළුල් හා ශක්තිමත් කරලීම සම්බන්ධව ඉන්දීය අගමැති ශ්‍රී නරේන්ද්‍ර මෝදි සහ ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් අතර ඊයේ (09) පැවති සාකච්ඡාවන්හි දී වැඩි අවධානයක් යොමු කෙරිණි.

දෙරට අතර අනාගත ආර්ථික අවකාශයන් නිර්මාණය කිරීම පිළිබඳ ද අග්‍රාමාත්‍යවරුන් දෙපළ අතර දීර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගැණිනි. දෙරටේ ද්විපාර්ශ්වික සබඳතාවන්හි වත්මන් ප්‍රගතිය පිළිබඳවත්, ඉදිරි සැලසුම් පිළිබඳවත් දෙරටේ අග්‍රාමාත්‍යවරුන්ගේ අවධානය යොමු විය.

ගෝලීය ත්‍රස්තවාදය හා ප්‍රතිත්‍රස්ත කාර්යයන් සම්බන්ධයෙන් ගත යුතු සාමූහික ක්‍රියා මාර්ග පිළිබඳ ද මේ සාකච්ඡාවන් හි දී අවධාරණය කෙරිණ. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරට රැඳී සිටියේ පැය කිහිපයක් පමණක් බැවින් සාකච්ඡා සඳහා වැඩි කාලයක් වෙන් කර ගැනීමේ අරමුණ ඇතිව අග්‍රාමාත්‍යවරුන් දෙපල අතර සාකච්ඡා පැවැත්වුණේ වාහනයෙන් ගමන් කරන අතරතුර වීම විශේෂයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × 3 =