ඉන්ධන වර්ග 03කම මිල ස්ථාවරයි – ඔක්ටේන් 92 පමණක් ඉහළට

(කොළඹ, ලංකාපුවත්) –මිල සූත්‍රය යටතේ මිළ සංශෝධනයට ලක් කරන ඉන්ධන වර්ග 4න් 3කම මිල මෙවර වැඩි නොකිරීමට රජය තීරණය කර ඇත.

මුදල් අමාත්‍යංශය නිවේදනය කරන ලද්දේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිළ රුපියල් 03කින් වැඩිවන බවත් ඒ අනුව එහි ලීටරයක සිල්ලර මිළ රුපියල් 138ක් වන බවත් ය.

පසුගිය මාර්තු මස සිට ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිළ වැඩිවූවද, උත්සව සමය හේතුවෙන් පාරිබෝගික ජනතාවට සහන සළසනු වස් දේශීය වෙළඳ පොලේ ඉන්ධන මිල වැඩි කලේ නැත. මේ දිනවල ජාත්‍යන්තර වෙළඳපොලේ තෙල්මිළ අඩුවීමේ ප්‍රවනතාවයක් පෙනෙන්නට තිබේ.

ඒ අනුව එම මෙම තත්වය දිගින් දිගටම පැවැතිය හොත් එහි වාසිය පාරිභෝගික ජනතාවට ලබා දීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යංශය සදහන් කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 2 =