පසට පොහොර යෙදීමේදී පාංශු පරීක්ෂණය අනිවාර්ය කරන්න යයි

(කොළඹ, ලංකාපුවත්) –ඉදිරියේදී පසට පොහොර යෙදීමේදී පාංශු පරීක්ෂණය අනිවාර්යය කරන බව කෘෂිකර්ම,පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති පී.හැරිසන් මහතා කියයි.

වෙනත් රටවල් පසේ පී.එච් අගය පරික්ෂා කොට අවශ්‍යතාවයටඅනුව පොහොර නිකුත් කරන අතර මේ සඳහා පාංශු පරීක්ෂණයක්සිදු කළද අප රටේ එවැන්නක් සිදු නොවන බවද ඇමැතිවරයා කියයි.

ඉදිරියේදී වගාවට යෙදිය යුතු පොහොර මොනවා ද, කෘමිනාශක මොනවා ද, වල්නාශක මොනවා ද යන්න සොයා බැලීම සඳහා කෘෂිකර්ම පර්යේෂණ නිලධාරියා විසින් ගොවියාගේ තොරතුරු නිරීක්ෂණ වාර්තාවක් සැකසීමට අදාළ නීතිරීති ගෙන ඒම සඳහා ද කටයුතු කරනවා.

‘අපේ රටේ කෘෂිකර්ම පර්යේෂණ නිලධාරියා අදාල පරීක්ෂණ සිදු කිරීම සඳහා පෙර පුහුණුවක් ලබා දී පාංශු පරීක්ෂණයකින් අනතුරුව තමයි පොහොර ලබා දීමට කටයුතු කරන්නේ. අපේ රටේ කෘෂිකර්ම පර්යේෂණ නිලධාරියාට වඩා තෙල් බෙහෙත් අලෙවි කරන වෙළෙඳසලේ හිමිකාරයා තමයි තීරණය කරන්නේ බෝගයට ගැලපෙන පොහොර මොනවා ද, බෙහෙත් මොනවා ද කියලා. . කෘෂිකර්ම පර්යේෂණ නිලධාරියාට වඩා තෙල් බෙහෙත් මුදලාලිගේ නිර්දේශය තමයි ගොවියා ක්‍රියාත්මක කරන්නේ.

ඒ වගේම ඉදිරියේදී ගොවීන්ට ගොවි සංවිධාන හරහා ගොයම් කැපීමේ යන්ත්‍ර ලබා දීමට අපි කටයුතු කරනවා. පෞද්ගලික අංශයට වඩා අඩුවෙන් ගොවියාගේ දායකත්වය 50% කපමණ මුදලක් දරන්නට වෙයි මේසදහා . මේ වෙනුවෙන් දැනටමත් අපි ඉන්දියාව සමග සාකච්ඡා කරලා තියෙනවා යැයිද අමාත්‍යවරයා පවසයි.

2017 වර්ෂයේ දී පොහොර වෙනුවට මුදල් සහනාධාර ලබා දීමේදී බිලියන 15ක මුදලක් රජය වියදම් කළා. නමුත් 2018 වර්ශයේදී මීට දෙගුණයක් බිලියන 35ක මුදලක් පොහොර ගෙන්වීම සඳහා රජය වියදම් කර තිබෙනවා. මින් තේරුම් යනවා රටේ පොහොර අවශ්‍යතාවය බිලියන 15කට සීමා වෙලා කියලා. අනෙකුත් පෞද්ගලික නිෂ්පාදන සඳහා පොහොර යොදා ගන්නා බවට දැනටමත් අපි කරන ලද පරීක්ෂණයකින් අවබෝධ වෙලා තිබෙනවා. ඇතැම් භාණ්ඩ නිෂ්පාදන කරන සමාගමක් 2017 වර්ෂයේ දී මෙරටට මෙ.ටො.3000ක පොහොර ආනයනය කර තිබුණත්, පොහොර සහනාධාරයට පොහොර ලබා දීමේදී එම ආනයනය නවත්තලා තියෙනවා. මින් පෙනී යනවා පොහොර ආනයනය නොකර පෞද්ගලික සමාගම් තම අවශ්‍යතාවලටසහනාධාර පොහොර භාවිතාකරණ බව. ඒ සමඟම සහනාධාර ක්‍රමයට අනුකූලව කෝටි 90ක් වැය කරමින් මෙරටට පොහොර ගෙන්වා මෙම නිෂ්පාදන සිදුකරණ සමාගම්න්ට අලෙවි කරණ පුද්ගලික සමාගමන් පිළිබඳව දැනට අපට තොරතුරු ලැබිලා තිබෙනවා. අපි ඒ අය නීතිය හමුවට ගේනවා.යැයිද ඇමැතිවරයා කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

13 + 3 =