පොසොන් උත්සව සමයේ අනුරාධපුරයට විශේෂ ආරක්ෂාවක්

(කොළඹ, ලංකාපුවත්) –මෙවර පොසොන් උත්සවය සමය කේන්ද්‍ර කරගනිමින් අනුරාධපුර මිහින්තලය සහ තන්තිරිමලේ පුද බිම් කේන්ද්‍ර කර ගනිමින් විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලෙක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව උතුරු මැද නියෝජ්‍ය පොලිස්පති ප්‍රතාප් සෙනරත් සඳුන්ගහවත්ත මහතා පවසයි.

ඒ අනුව ආරක්ෂක කටයුතු සඳහා පොලිසියේ, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාවේ මෙන්ම සිවිල් ආරක්ෂ බලකායේ නිලධාරීන් 8000ක් පමණ යෙදවීමට බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කළේය.

මෙවර පොසොන් උත්සවයේ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකට එක්වෙමින් උතුරු මැද නියෝජ්‍ය පොලිස්පති ප්‍රතාප් සෙනරත් සඳුන්ගහවත්ත මහතා මෙම අදහස් පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *