රජයේ විභාග සහතික පත‍්‍ර හෙට සිට අන්තර්ජාලයෙන්

(කොළඹ, ලංකාපුවත්) – රජයේ විභාග සහතික පත‍්‍ර හෙට සිට අන්තර්ජාලය හරහා ලබාගත හැකි බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා පවසයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ කටයුතු ඩිජිටල්කරණය කිරීමේ වැඩසටහනේ එක් අදියරක් ලෙස එය කි‍්‍රයාත්මකයි.

පළමු අදියර යටතේ ලබාදෙන්නේ අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සහතික පත් අන්තර්ජාලය ඔස්සේ ගෙවීම් සිදුකර සහතික පත‍්‍ර ලබාගැනීමට නව ක‍්‍රමවේදය යටතේ අවස්ථාව පවතින බවයි සනත් පූජිත මහතා ප‍්‍රකාශ කළේය. විදෙස්ගත වූවන්ට ද නව ක‍්‍රම යටතේ සහතික පත් ලබාගැනීමේ පහසුකම හිමිවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen + sixteen =