වසා දැමූ ෂැංග්‍රීලා මේ සතියේ යළි විවෘත කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු වසා දැමුණු කොළඹ ෂැංග්‍රීලා හෝටලය මේ සතියේ දී යළි විවෘත කරන බව එහි කළමනාකාරිත්වය නිවේදනය කරයි.

අප්‍රේල් 21වනදා සිදු වූ ප්‍රහාර මාලාවේ දී කොළඹ පිහිටි ෂැංග්‍රීලා හෝටලයට ද ප්‍රහාරයක් එල්ල විය.

ලබන බදාදා(12) සවස 06.00 සිට හෝටලය නැවත විවෘත කෙරනු ඇත. එසේම ලබන සෙනසුරාදා (15) සිට ස්පා පහසුකම් හා හෝටල් කාමර ලබා දීම ද ආරම්භ වේ.

ෂැන්ග්‍රී ලා සමූහය වැඩිදුරටත් ප්‍රකාශ කළේ පසුගිය සති හතක කාලයේ දී ලැබුණු සහයෝගය සදහා දේශීය අධිකාරියන්ට හා ගෝලීය ප්‍රජාවට කෘතඥතාව පළ කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen − 16 =