ඩුබායි අනතුරින් ඉන්දීය නිරූපිකාව මරුට

(කොළඹ, ලංකාපුවත්) – ඩුබායි නගරයේ සිදු වූ බස් රථ අනතුරින් ඉන්දියානු ජාතිකයින් 08 දෙනකු ඇතුලුව මගීන් 17 දෙනකු මිය ගිය බව එරට පොලීසිය තහවුරු කරයි. ඒ අතර ඉන්දීය මෝස්තර නිරූපිකාවක ද වන බව වාර්තා වේ.

රොෂ්ණි මූල්චාන්දනී නම් ඇය ගල්ෆ් පුවත් හි සීමා වාසික සේවිකාවක ලෙස සේවය කර ඇති අතර ජුමෙයිරාහ් හි සුඛෝපබෝගී හෝටලයක අලෙවි අංශයේ සේවය කරමින් සිටියදී මෙම අනතුරට ලක් වී තිබේ.

මගීන් 31 දෙනකු ගමන් ගත් මෙම බස් රථය ඕමානයේ ලියාපදිංචි වාහනයක් බවත් එය ෂෙයික් මොහමඩ් බින් සයිද් පාරේ දී අනතුරට ලක් වූ බවත් වැඩි දුරටත් සඳහන් වේ. පනස් හැවිරිදි වියේ පසු වන බස් රථයේ රියදුර සුළු තුවාල සහිතව රෝහල් ගත කර තිබේ.

මේ අතර අනතුරින් මිය ගිය මගීන් ගේ පවුල් වල සාමාජිකයින් වෙත ශෝකය ප්‍රකාශ කරමින් ඩුබායි පොලීසිය සිය නිල ට්විටර් ගිණුමෙහි පණිවිඩයක් ද සටහන් කර ඇත. මෙම අනතුරට හේතුව මෙතෙක් අනාවරණය කර නැති අතර ඒ පිළිබඳ කඩිනම් පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින බව පොලීසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 − 8 =