‘රිහානා‘ ලොව ධනවත් ම ගායිකාව වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ලොව ධනවත් ම ගායිකාවන්ගේ ලැයිස්තුවේ ඉහලින් ම සිටි මැඩෝනා සහ බියොන්සේ පරදවා රිහානා ඉදිරියට පැමිණ සිටියි.

ෆෝබ්ස් සඟරාව පවසන පරිදි රිහානා ලෝකයේ ධනවත් ම සංගීතවේදිනියයි.

ලෝකප්‍රකට ගායිකාවක වන රිහානා පසුගිය වසර තුනකට අධික කාලයක් ඇතුළත කිසිදු ගීත ඇල්බමයක් නිකුත් කර නැති නමුත් ඇය වෙනත් ව්‍යාපාර කටයුතුවල නිරත වී සිටින බැවින් ඇයගේ වත්කම් ඉහළ ගොස් ඇත.

‘ෆෙන්ටි’ නමින් හැඳින්වෙන රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළෙහි ද හිමිකාරිය වන රිහානා සතු සමස්ත වත්කම ඩොලර් මිලියන 600ක් (බ්‍රිතාන්‍ය පවුම් මිලියන 471) වන බවට ඇස්තමේන්තු කර තිබේ. ෆෝබ්ස් සඟරාව වාර්ෂිකව හෙළිදරව් කරන ධන කුවේරයන්ගේ ලැයිස්තු අනුව මේ වසරේ ධනවත් ම ගායිකාවන් සිව් දෙනා වන්නේ අනුපිළිවෙලාන් රිහානා, මැඩෝනා, සෙලින් ඩියෝන්, බියොන්සේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × one =