සිකුරාදා සිට පොසොන් දුම්රිය සේවා

(කොළඹ, ලංකාපුවත්) – පොසොන් උත්සවය නිමිත්තෙන් ලබන සිකුරාදා(14) සිට විශේෂ දුම්රිය ධාවනය කරන බව දුම්රිය පාලක මැදිරිය පැවසීය.

ඒ අනුව සිකුරාදා දහවල් 12.45ට පළමු දුම්රිය ධාවනය වේ.

පොසොන් පොහොය දිනද දුම්රිය 03ක් අනුරාධපුරය දක්වා ධාවනයට කටයුතු යොදා තිබේ.

අනුරාධපුරය අටමස්ථානය, මිහින්තලය හා තන්තිරිමලේ වැඳපුදා ගැනීමට පැමිණෙන සැදැහැවතුන් සඳහා සියලුම පහසුකම් සපයා ඇති බව අනුරාධපුර දිසාපති ආර් එම් වන්නිනායක මහතා පැවසීය. මිහින්තලේ රාත‍්‍රී පෙරහැර මෙවර පැවැත්වෙන්නේ නැත. එසේ වුවද අනෙකුත් සියලු ආගමික වැඩසටහන් නියමිත පරිදි සංවිධාන කර ඇති බව ආර් එම් වන්නිනායක මහතා සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen + eighteen =