ෆිල්ප් කුමරු 100වැනි උපන්දිනය සූර්යග්‍රහණයක් සමඟ සැමරීමට සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – බ්‍රිතාන්‍යයේ ෆිල්ප් කුමරු සිය 98 වැනි උපන් දිනය පසුගිය 10 වැනි දින පවුලේ සාමාජිකයින් සමග පුද්ගලිකව සමරනු ලැබූ අතර ආචාර වෙඩි මුර 41 කින් එය නිල වශයෙන් සනිටුහන් කරනු ලැබීය.

2017 වසරේ සිට ෆිල්ප් කුමරු සියලුම රාජකීය කටයුතු වලින් ඈත් වී සිටින බැවින් පසුගිය රාජකීය උත්සව වල දී ඔහු දක්නට ලැබුණේ ඉතා අඩු වශයෙනි. දෙවැනි එළිසබෙත් රැජින ගේ නිල උපන් දින සැමරුමට ද ඔහු සහභාගි වූයේ නැත. කෙසේ වෙතත් පසුගිය මාසයේ වින්ඩ්සර් මාලිගයේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ පැවැති ගේබ්‍රියෙලා වින්ඩ්සර් ආර්යාවගේ මංගලෝත්සවයට සහභාගි වූ ෆිලිප් කුමරු වඩා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් දක්නට ලැබුණ බව වාර්තා වේ. නිල කටයුතු වලින් විශ්‍රාම ගැනීමෙන් පසු ඔහු තම කාලය ගත කිරීමට තෝරා ගෙන ඇත්තේ සැන්ඩ්‍රින්ග්හැම් වතුයාය සහ වින්ඩ්සර් මාලිගයයි. කියවීම, චිතු ඇඳීම, මිතුරන් මුණ ගැසීම, අශ්ව කරත්තයේ නැගී වතුයායේ ඇවිදීම සඳහා ඔහු වැඩි කැමැත්තක් දක්වන බව සඳහන් ය.

තවත් වසර දෙකකින් යෙදෙන එඩින්බර්ග් ආදිපාදවරයා ගේ සියවැනි උපන් දිනය බ්‍රිතාන්‍ය ජනතාව සමරනු ලබන්නේ සූර්යග්‍රහණයක් ද සමග බව එරට මාධ්‍ය සිහිපත්කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seven − five =