IOC මිලත් ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – IOC පෙට්‍රල් මිල රුපියල් 7කින් ඉහළ දැමීමට එම සමාගම තීරණය කරයි.

ඒ අනුව ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 147ක් වනු ඇත.

මේ අතර ඛනිජ තෙල් සංස්ථා ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 3 කින් ඉහළ දැමුවේය.

ඒ අනුව සංස්ථා ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 138 කි.

සෙසු ඉන්ධන මිල ගණන්වල වෙනසක් සිදුවන්නේ නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *