ඉන්දියාවේ පැය 48කදී ළමුන් 36ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) –පැය හතළිස් අටක් ඇතුළත ළමුන් 36 දෙනකු මිය ගොස් තවත් ළමුන් 133 දෙනකු රෝහල් ගත කළ පුවතක් ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයෙන් වාර්තා වේ.

ළමුන් මිය යාමට මූළික හේතුව ලෙස වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ රුධිර සීනි ඉතා අඩු මට්ටමකට පත් වීම වුවත් මොවුන් සියලු දෙනාම යම් කිසි විෂ බීජයක් ශරීර ගත වීමෙන් මොලය ආසාදනයට ලක්ව ඇති බවට සැක කෙරේ.

ඒ පිළිබඳව තවත දුරටත් පරීක්ෂණ සිදු කළ යුතු බව ශ්‍රී ක්‍රිෂ්ණා වෛද්‍ය විද්‍යාල රෝහලය ප්‍රකාශ කරයි.
මේ වන විට දිස්ත්‍රික්කයේ රජයේ මෙන්ම පුද්ගලික රෝහල් ද රෝගී දරුවන් ගෙන් පිරී පවතින අතර වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ග්‍රාමීය ප්‍රදේශ වලින් බව සඳහන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 + 3 =