ජපාන අගමැතිගේ විශේෂ උපදේශකවරයෙක් දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) – ජපාන අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ මහතාගේ විශේෂ උපදේශක ආචාර්ය හිරෝටෝ ඉසුමි මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතය.

ඒ මහතා ලබන 20වනදා සිට 22වනදා දක්වා ශ්‍රී ලංකාවේ මෙලෙස සංචාරයක නිරත වනු ඇත.

ආචාර්ය හිරෝටෝ ඉසුමි මහතා මෙහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට ද නියමිතය.

ජපන් රජය විසින් ශ්‍රී ලංකාව පිළිබඳ පනවා ඇති සංචාරක උපදේශනය සංශෝධනය කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *