ට්‍රම්ප්ට උතුරු කොරියා නායකයාගෙන් සුන්දර ලිපියක්

(කොළඹ, ලංකාපුවත්) –උතුරු කොරියානු නායකයා ගෙන් තමන්ට ඉතා උණුසුම් ලිපියක් ලැබුණ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. එය සුන්දර ලිපියක් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

ධවල මන්දිරයේ දී වාර්තාකරුවන් හමුවේ ඔහු ප්‍රකාශ කර සිටියේ වඩාත් ධනාත්මක දෙයක් සිදු වීමට යන බව තමන්ට සිතෙන බවයි.

එසේ පැවසුවද ලිපියේ අන්තර්ගතය පිළිබඳව නොපැවසීමට ට්‍රම්ප් ප්‍රවේසම් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. උතුරු කොරියාව සහ අමෙරිකාව අතර පැවැති සාකච්ඡා දෙකේ දීම න්‍යෂ්ටික අවිහරණය පිළිබඳව මූලික අවධානය යොමු වූ අතර වියට්නාමයේ පැවැති දෙවැනි සාකච්ඡාව අසාර්ථක විය.

ඒ සමගම දෙරට අතර උණුසුම් අදහස් හුවමාරු වෙමින් පැවැති වාතාවරණයක නැවතත් ‍උතුරු කොරියානු නායකයා ගෙන් ලිපියක් යොමු වීම යම් යහපත් තත්ත්වයක පෙර නිමිත්තක් බව අදහස් පළ කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × four =