තවත් දෙදහසකට අලුතින් ගුරු පත්වීම්

(කොළඹ, ලංකාපුවත්) –ගුරු සේවය සඳහා තවත් දෙදහසක් අළුතින් බඳවා ගන්නා බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. ක‍්‍රීඩා පුහුණුකරුවන් ද බඳවා ගැනීමට නියමිතය.

ගුරු සේවයේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා පුළුල් වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කර ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

වෙනත් රටවල සිටින ශ‍්‍රි ලාංකික දරුවන්ට එහි සිටම විභාගවලට පෙනී සිටිමට අවස්ථාව සළසන බවත් අකිල විරාජ් කාරියවසම් මහතා ප‍්‍රකාශ කළේය. විභාග දෙපාර්තමේන්තුවේ විශ්වාසනීයත්වය ආරක්ෂා වීම සඳහා ද ක‍්‍රියාමාර්ග රැසක් ගෙන තිබේ.

වෙනස්කම් ගණනාවක් මේ වනවිට සිදුකිරිමට හැකිව ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *