රත්නපුර ‘විදුලිය‘ Airtel Fastest හි දිදුලයි

(කොළඹ, ලංකාපුවත්) – එයාර්ටෙල් ආයතනය මගින් දිවයිනේ වේගවත්ම සහ අද්විතීයම නවක පන්දු යවන්නන් සොයා ආරම්භ කළ ‘Airtel Fastest 2019‘ වැඩසටහනේ ජයග්‍රාහකයා බවට එෂාන් මාලිංග පත්විය. රත්නපුර සීවලී මහා විදයාලයේ ශිෂ්‍යෙයකු වන ඔහු මෙම තරගයේ දී පැයට කිලෝමීටර් 133ක වේගයකින් පන්දු යවමින් එම ජයග්‍රහණය තමන් සතු කරගෙන තිබුණි.

එෂාන් මාලිංගගේ ‘Airtel Fastest 2019‘ හි මූලික වටයේ පන්දු යැවීමේ වේගය සටහන් වූයේ පැයට කිලෝමීටර් 127ක් වශයෙනි. නමුත් ප්‍රවීන වේගපන්දු පුහුණුකරු අනූෂ සමරනායක විසින් පැවැත්වූ වේග පන්දු යැවීම පිළිබඳ තාක්‍ෂණික සැසිවාර කිහිපයකට සහභාගී වීමෙන් අනතුරුව එෂාන්ගේ පන්දු යැවීමේ තාක්ෂණයේ වේගයේද යම් සුවිශේෂී වෙනසක් දක්නට ලැබිණි.

එම දක්ෂතා මත සිය දක්‍ෂතා වැඩිදියුණු කර ගත් එෂාන් ශ්‍රී ලංකාවේ විශිෂ්ඨ පන්දු යවන්නෙක් වන චමින්ද වාස්ගේ මග පෙන්වීම යටතේ ‘Airtel Fastest 2019‘ දෙවැනි වටය සදහා සුදුසුකම් ලබන්නේ ඒ අයුරෙනි.

දිවයින පුරා විසිරී සිටින සෑම ක්‍රීඩකයෙකුගේම බලාපොරොත්තුව ශ්‍රී ලංකා කන්ඩායම නියෝජනය කිරීමයි. එෂාන්ට ද ඇත්තේ එවැනිම සිහිනයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *