ෂැන්ග්‍රී ලා අද සිට යළි විවෘතයි

(කොළඹ, ලංකාපුවත්) – පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු කොළඹ ෂැන්ග්‍රී ලා හෝටලය අද (12) සිට නැවත විවෘත කෙරේ.

ඒ අනුව පස්වරු 06.00 සිට හෝටලය පාරිභෝගිකයන් සඳහා විවෘත වන බවයි හෝටල් පාලනාධිකාරිය පවසන්නේ.

පසුගිය අප්‍රේල් 21 වැනිදා කොළඹ කිංස්බරි, සිනමන් ලේක් සයිඩ් හා ෂැන්ග්‍රි-ලා හෝටල් තුනට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල විය. කිංස්බරි හා සිනමන් හෝටල් දෙක මීට පෙර නැවත විවෘත කෙරුණු අතර ෂැන්ග්‍රී ලා හෝටලය විවෘත කිරීම ප්‍රමාද කෙරිණි.

ෂැන්ග්‍රී ලා පාලනාධිකාරිය පවසන්නේ තම හෝටලයට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන්ගේ පවුල්වලට හා තුවාල ලැබූවන්ට සහන සැලසීමට ද වැඩපිළිවෙළක් දියත් කරන බවයි. ෂැන්ග්‍රී ලා සමූහය වැඩිදුරටත් ප්‍රකාශ කළේ පසුගිය සති හතක කාලයේ දී ලැබුණු සහයෝගය සදහා දේශීය අධිකාරියන්ට හා ගෝලීය ප්‍රජාවට කෘතඥතාව පළ කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four − 1 =