O/L සහ A/L සහතිකපත් ලබා ගන්න online ක්‍රමවේදයක්

(කොළඹ, ලංකාපුවත්) –අ.පො.ස (සා.පෙළ) සහ (උ.පෙළ) විභාගවලට පෙනී සිට එම සහතිකපත් ලබාගැනීමට අයදුම් කරන්නන්ට මාර්ගගත (Online) ක්‍රමවේදය මත සහතික පත්‍ර නිකුත් කිරීමට කටයුතු යොදා තිබේ.

ඒ තුළින් විභාග දෙපාර්තමේන්තුවට නොපැමිණ අන්තර් ජාලය ඔස්සේ සහතික ලබා ගැනීමේ පහසුකම් අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදෙස් මත විභාග දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාවට නංවා ඇත.

අ.පො.ස (සා.පෙළ) සහ (උ.පෙළ) විභාග සහතික පත් Online ක්‍රමවේදය මත www.doenets.lk නිල වෙබ් අඩවියෙන් නිකුත් කර තිබේ.

මෙම ක්‍රමවේදය හදුන්වා දීමේ අවස්ථාව ඊයේ(11) විභාග දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්වුනි.

අනාගතය අධ්‍යාපනය මත පදනම්ව පවතින බැවින් නව ප්‍රවණතා හඳුනාගෙන සීමා මායිම් ඉක්මවා හැමදෙනාම ක්‍රියා කරන්නේනම් බොහෝ වෙනස්කම් සිදුකළ හැකි බවත් මාර්ගගත ක්‍රමය ඔස්සේ විභාග සහතිකපත් නිකුත් කිරීම එවැනි නවමු නිර්මාණශීලි වැඩපිළිවෙලක් බවත් අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා එම අවස්ථාව සදහන් එක්වෙමින් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *