අනුරාධපුර – මිහින්තලය අතර නොමිලේ විශේෂ දුම්රිය

(කොළඹ, ලංකාපුවත්) – පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරයේ සිට මිහින්තලය දක්වාත් මිහින්තලයේ සිට අනුරාධපුරය දක්වාත් ගාස්තු අය නොකරන විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක වෙයි.

අද (14) දිවා කාලයේ සිට මෙය ක්‍රියාත්මක වේ. ඒ ලබන 18වෙනිදා දක්වා ය.

මිහින්තලයට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් නොමිලේ ක්‍රියාත්මක මෙම දුම්රිය සේවාව සඳහා පූර්ණ අනුග්‍රහය දක්වන්නේ තන්ත්‍රි සමාගමයි. ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ උපදෙස් මත ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eight + seven =