ධවල මන්දිර මාධ්‍ය ලේකම්වරිය ඉවත් වෙයි

(කොළඹ, ලංකාපුවත්) –ධවල මන්දිර මාධ්‍ය ලේකම් සාරා සැන්ඩර්ස් එම ධුරයෙන් ඉවත් වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඇය උපන් අර්කන්සාස් ප්‍රාන්තයට ආපසු යාමට තීරණය කර ඇති බව පැවසූ ජනාධිපතිවරයා ඇය ශූරියකු ලෙස හැඳින්විය.

36 හැවිරිදි සාරා ගේ ඉවත් වීමෙන් හිස් වන ධුරය සඳහා පත් කරන්නේ කවුදැයි මෙතෙක් අනාවරණය කර නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *