සෞදි අරාබි ගුවන් තොටුපලේ ප්‍රහාරයේ වගකීම ‘හවුති‘ බාර ගනියි

(කොළඹ, ලංකාපුවත්) –සෞදි අරාබියේ අභා ගුවන් තොටුපොළට එල්ල වූ මිසයිල් ප්‍රහාරයේ වගකීම යේමන හවුති ගරිල්ලන් විසින් බාර ගෙන තිබේ.

තමන් ඉලක්ක කළ ස්ථානයටම ප්‍රහාරය එල්ල වූ බව කැරළිකරුවන් පවසා තිබේ. එම ප්‍රහාරයෙන් 26 දෙනකු තුවාල ලබා ඇති බව වාර්තා විය.

අභා ගුවන් තොටුපොළේ පැමිණීමේ පර්යන්තයට එල්ල වූ මේ ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් අතර කාන්තවන් තිදෙනකු හා ළමයින් දෙදෙනකු ද වන අතර, සෞදි, යේමන සහ ඉන්දියානු ජාතිකයන් ඊට ඇතුළත්ය.
යේමන රජය හවුතී කැරළිකරුවන් සමග වසර හතරක් තිස්සේ යුද වදිමින් සිටින අතර, සෞදි අරාබි නායකත්වයෙන් අරාබි රටවල් හතරක මිත්‍ර හමුදා යේමන රජයට සහය දක්වති.

මෙම අභ්‍යන්තර යුද්ධය නිසා විශාල හානියක් යේමනයට සිදුවී ඇත.

ගැටුම් උච්ඡත්වයට පත්වූයේ 2015දී බටහිර යේමනයේ විශාල ප්‍රදේශයක් කැරළිකරුවන් අල්ලා ගැනීම සහ ජනපති අබ්ද්‍රබු මන්සොර් හාඩි රටින් පැනයාමත් සමගය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *