පාස්කු බොම්බකරු ජේඩාවලදි අත්අඩංගුවට ගැනීමට රතු නිවේදනයෙන් ප්‍රබල සහයක් – INTERPOL

(කොළඹ, ලංකාපුවත්) –ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ මොහොමඩ් මිල්හාන් සමඟ තවත් සැකකරුවන් සිව් දෙනෙකු සෞදි ජේඩා නුවරදි අත්අඩංගුවට ගැනීමට තම ආයතනයේ රතු නිවේදනය ද බෙහෙවින් ඉවහල් වු බව ඉන්ටපෝල් හෙවත් ජාත්‍යන්තර පොලීසිය සිය වෙබ් පිටුවේ සඳහන් කර තිබේ.

ජාත්‍යන්තර පොලීසියේ මහලේකම් යෝගන් ස්ටොක් ප්‍රකාශ කර ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය ක්‍රියාත්මක කළ මෙහෙයුමේ කොටසක් ලෙස අදාළ රතු නිවේදනය නිකුත් කළ බව එම වෙබ් පිටුවේ සඳහන්වේ.

ජාත්‍යන්තර පොලීසිය 29 හැවිරිදි ශ්‍රී ලාංකික සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදන නිකුත් කර තිබුණේ අහමඞ් මිල්හාන් හයතු මොහොමඩ් යන නමිනි. මොහොමඩ් මිල්හාන් තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ සමීපතයෙකු මෙන්ම දෙවැනියා ලෙස සැලකේ.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි එහි ප්‍රධාන නායකයෙකු බව මෙරට ආරක්ෂක අංශ පවසයි. මොහොමඩ් මිල්හාන් නැමැත්තා ඇතුළු පස්දෙනෙකු සෞදි ජෙඩා නුවරදි අත්අඩංගුව ගෙන පසුගිය සිකුරාදා (14) ශ්‍රී ලංකාවට ගෙන එන ලදී. පාස්කු බෝම්බ පිපිරවීමට දින කිහිපයකට පෙර ඔහු දිවයිනෙන් පිටව ඇත්තේ මක්කම වන්දනාවේ නිරත වන බව පවසමිනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *