පොසොන් උත්සවය වාර්ෂික ජාතික උත්සවයක් කිරීමට අගමැතිගෙන් සැලසුම්

(කොළඹ, ලංකාපුවත්) – පොසොන් උත්සවය වාර්ෂික ජාතික උත්සවයක් සේ සැලකීම සහ මිහින්තලාවේ වාර්ෂික පොසොන් පෙරහැර සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා දීම සඳහා අවශ්‍ය නෛතික කටයුතු කඩිනමින් සම්පාදනය කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.

පසුගිය ඉරිදා(16) මිහින්තලය රජමහා විහාරාධිපති හා භාරකාර පූජ්‍ය වලවාහැංගුණු වැවේ ධම්මරතන හිමිපාණන් විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙතින් කෙරුණු ඉල්ලීමක් අනුව මෙම කාර්යයන් ඉටු කෙරෙනු ඇත.

මිහින්තලය විහාරයීය පූජා භඣමිය ජාතික උරුමයක් සේ නම් කිරීම ඇතුළු මිහින්තලා පුදබිම සහ පොසොන් උත්සවය සම්බන්ධව ධම්මරතන ස්වාමීන් වහන්සේ කර ඇති ඉල්ලීම් පිළිබඳව පියවර ගැනීමේ ක්‍රමවේද සකස් කිරීම සඳහා අගමැති වික්‍රමසිංහ මහතා විසින් ඉහළ පෙළේ කමිටුවක් පත් කිරීමට ද නියමිත ය.

මේ පිළිබඳ සම්බන්ධීකරණ කටයතු සිදු කරන ලෙස කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා සහ කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය වෙත මේ වන විටත් අගමැතිවරයා විසින් උපදෙස් ලබා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *