“බුදුපුත් මාපිය කැපකරු නිවාස යෝජනා ක්‍රමය” දිප ව්‍යාප්තව

(කොළඹ, ලංකාපුවත්) –කුල දරුවන් සසුනට දායාද කළ දෙමව්පියන් වෙනුවෙන් නිවාස ඉදිකිරීමේ “බුදුපුත් මාපිය කැපකරු නිවාස යෝජනා ක්‍රමය” දිප ව්‍යාප්තව ආරම්භ කරන බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සම්බුදු සසුනේ මුර දේවතාවන් වන මහා සංඝරත්නය සසුනට දායාද කළ දෙමව්පියන් වෙනුවෙන් විශේෂ නිවාස අධාර ක්‍රමයක් ආරම්භ කර, ඔවුන්ගේ නිවාස අවශ්‍යතාවන් ඉටුකර දීම මෙහි මූලික අරමුණ බවත්, බුදු සසුනට ලබා දිය යුතු ඉහළම තැන ලබා දී ප්‍රයෝගික සංවර්ධනය තුළින් බුදු සසුන බැබලවිමට කටයුතු කිරීම මෙම සෑම වැඩපිළිවෙලකම අරමුණ බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය ප්‍රකාරව සම්බුදු සසුන සුරක්ෂා කිරීමට අප බැඳී සිටින බැවින් බුදු සසුනේ චිරස්තිථිය වෙනුවෙන් ඇප කැප වී තමන් කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් පැවසීය.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ 2019 පොසොන් පුන්‍යෝත්සවයට සමගාමීව රුපියල් ලක්ෂ 2272 ක වියදමින් තිස්සමහාරාම රජමහා විහාරස්ථානයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීමේ අවස්ථාවට ඊයේ(16) සහභාගී වෙමිණි.

රුපියල් ලක්ෂ 300 වියදමින් ඉදිකළ තිස්සමහාරාම රජමහා විහාරස්ථානයේ සංගාවාස ගොඩනැගිල්ල සඟසතු කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ප්‍රථමයෙන්ම සිදුවිය. අනතුරුව මතු සඳහන් සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *