මෙරට පළමු චන්ද්‍රිකාව: රාවණා – 1 කක්ෂගත කිරීම අද

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ පළමු චන්ද්‍රිකාව වන රාවණා – 1 නැනෝ චන්ද්‍රිකාව කක්ෂගත කිරීම අද(17) සවස සිදු කෙරේ.

මේ අවස්ථාව වන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ සජීව ලෙස දැකබලා ගැනීම ඇතුළු වැඩසටහනක් මොරටුව,කටුබැද්ද ආතර් සී ක්ලාක් ආයතනයේදී පැවැත්වීමට නියමිතයි. නවීණ තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය හා ජපානයේ කියුෂු තාක්ෂණ ආයතනයේ සහයෝගයෙන් රාවණා 1 චන්ද්‍රිකාව නිර්මාණය කෙරිණ.

ඒ ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් දෙදෙනෙකු විසින්. රාවණා – 1 චන්ද්‍රිකාව ඉකුත් අප්‍රේල් 18වැනි දින අලුයම 2.16ට අමෙරිකාවේ නාසා ආයාතනයට අයත් මධ්‍යම අත්ලාන්තික් කලාපීය අභ්‍යවකාශ පර්යන්තයෙන් අභ්‍යවකාශය වෙත ගමන් ආරම්භ කළේය. එය, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත සම්බන්ධ වූයේ ඊට පසු දින එනම්, අප්‍රේල් 19වැනි දින සවස 6.30ටයි. චන්ද්‍රිකාව එම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේන පෘතුවියේ සිට කිලෝ මීටර 400ක දුරින් පිහිටි චන්ද්‍රිකා කාක්ෂය වෙත මුදා හැරීම අද පස්වරු 2.15ට සිදු කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *