ලිච්ජවි රජදරුවන්ගේ උපදෙස් අනුව වැඩ කටයුතු කරනවා

(කොළඹ, ලංකාපුවත්) –ආණ්ඩුව තුළත් ඇමැති මණ්ඩලය තුළත් ලිච්ජවි රජදරුවන්ගේ උපදෙස් අනුව වැඩ කටයුතු සිදු කරන බවත් කිසි විටක කිසිවෙක් එයින් ඈත් වී නොමැති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

විවිධ දේශපාලනය හුරුවූ රටක සියලු දෙනාම එක ආකාරයට එම අරමුණ කරා ගමන් නොකරන බව ද අගමැතිවරයා කීය.

පනස් හත්වන(57) වරටත් පවත්වනු ලබන ලේක්හවුස්-මිහින්තලා ආලෝක පූජා පුන්‍ය උත්සවයේ දෙවන දිනවන පොසොන් පොහෝදා(16) ආලෝක පූජා පුන්‍ය උත්සවය විවෘත කිරීමෙන් අනතුරුව උත්සව සභාව අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසීය.

අනුබුදු මිහිදු මා හිමියන් වැඩමවීමෙන් අප රටේ බෞද්ධාගමේ ආරම්භය ඇති වුණා. විශේෂයෙන් පණ්ඩුකාභය රජතුමාටත් පෙර අපේ සිංහළ ජනතාව ඇවිත් ජීවත් වුනේ මල්වතු ඔය දෙපස. මල්වතු ඔය දෙපැත්තේ මේ ශිෂ්ටාචාරය ආරම්භ වුණා. පසුව යාංඔය වගේ ශිෂටාචාර පැමිණියා. විශේෂයෙන් මල්වතු ඔය සංවර්ධන ව්‍යාපාරය පිළිබඳ අපි අපේ අවධානය යොමු කරලා තිබෙනවා.

මල්වතු ඔය ජලාශයත් ආරම්භ කරන්න බලාපොරොත්තු වනවා. යාංඔය අරම්භ කර තිබෙනවා. දැනට මල්වතු ඔය ජලාශය ආරම්භ කරලා. මල්වතු ඔය, මිහින්තලය, අනුරාධපුරය එක්ක අපේ මුලික ශිෂ්ටාචාරයේ මුලාරම්භය‍ බලන්න, ඉතිහාසය දැනගන්න අපේ සියලු දෙනාට අවස්ථාවක් ලැබෙනවා යැයිද හෙතම වැඩිදුරටත් පැවසිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *