ශ්‍රී ලංකාවේ සංචාරයකට පුටීන්ට ඇරයුම්

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ රුසියානු ජනාධිපති ව්ලැඞ්මිර් පුටින් මහතා අතර විශේෂ හමුවක් පසුගියදා (15) සිදු විය.

ටජිකිස්ථානයේ දුෂාන්බේ සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ආසියාවේ අන්තර් ක්‍රියාකාරිත්වය හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ 05වන සමුළුව අතරතුර දී නායකයන් මෙම හමුවට එක් විය.

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සහ කලාපීය වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබදව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.

රුසියාවෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන යම් භාණ්ඩ සඳහා ඇමරිකාව විසින් මේ වන විට සම්බාධක පනවා තිබෙන අතර, ඉදිරියේ දී ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ද නායකයෝ සාකච්ඡා කළහ.

එමෙන් ම නුදුරු දිනක දී ම ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා ද ජනාධිපතිතුමා ව්ලැඩ්මිර් පුටින් මහතා වෙත ආරාධනා කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *