කෘෂි පර්යේෂණ නිලධාරී තනතුරු නාමයේ වෙනසක්

(කොළඹ, ලංකාපුවත්) – කෘෂි පර්යේෂණ නිලධාරී තනතුරු නාමය ඉදිරියේදි වෙනස් කෙරෙන බව කෘෂිකර්ම පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති පී. හැරිසන් මහතා කියයි.

එමෙන්ම ඔවුන්ගේ මාසික වේතනය ද ඉහළ දමන බවද ඇමැතිවරයා අවධාරණය කරයි.

කෘෂිකර්ම ජාතික ප්‍රතිපත්ති මාලාව නොබෝ දිනකින් සමාජගත කිරිමත් සමඟ මෙසේ කෘෂි පර්යේෂණ නිලධාරී තනතුරු නාමය වෙනස් කරන බවද ඒ මහතා පවසයි.

‘කෘෂිකර්ම ප්‍රතිපත්තිය මත සැකසෙන නිවැරදි දත්ත එක්රැස් කිරීමේ වගකීම පැවරෙන්නේ කෘෂි පර්යේෂණ නිලධාරියාට ඒ අනුව තම වසම කලාපය තුළ වගා කරනු ලබන බෝග වර්ගය කුමක්ද, ගොවියා පසට යෙදු පොහොර ප්‍රමාණය පාංශු පරීක්ෂාව වගේම යොදා ගත් රසායනික ද්‍රව්‍ය මොනවාද යන්න ඉදිරියේදික්‍රමවත්ව සකසන්නේ කෘෂි පර්යේෂණ නිලධාරියා. දත්ත සමීක්ෂණය නිරීක්ෂණය කරනු ලබන්නේ ඔහුයි. ඒ අනුව ඔහුට ගැලපෙන තනතුරු නාමය ඉදිරියේදී ඔවුන්ගේ ද යෝජනාව අනුව වෙනස් කරනවා.

ඒ වගේම ඔවුන්ට අවශ්‍ය තාක්ෂණික දැනුම අපි ලබා දෙනවා. වසම් මට්ටමින් නිවැරදි දත්ත සපයන්න නිලධාරීන්ට විදෙස් රටවල සංචාර ද අපි ලබා දෙනවා.ඒ වගේම මේ වැටුප ඔවුන්ට ප්‍රමාණවත් මදි. ඉදිරියේදි වැටුප ද සංශෝධනය වෙන්න ඕනෑ. ඒ සඳහා අපි අවශ්‍ය පියවර ගන්නවා.අපි දැනට හොයාගෙන තිබෙනවා ඒ ඒ දිස්ත්‍රික්ක අනුව වගා කළ යුතු බෝග මොනවාද අඩු කාලයකින් අස්වැන්න ලැබෙන බෝග, ධාන්‍ය වර්ග වගේම එළවළු. පලතුරු මොනවාද කියන එක අපි දැන් කළ සමීක්ෂණයකින් හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම ඒ ඒ බෝග රටට අවශ්‍ය ප්‍රමාණය කොපමණ ද යන්න අපි හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව කෘෂි පර්යේෂණ නිලධාරියාගේ ඉදිරි වගකීම වන්නේ ගොවියාව නිසි ආකාරයෙන් දැනුවත් කිරීමයි.’යැයිද ඇමැතිවරයා කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *