කොදෙව්වන් පරදා බංග්ලාදේශය කඩුලු 07කින් ජය ගනී

(කොළඹ, ලංකාපුවත්) – එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟ පැවති තරගය කඩුලු 07කින් ජයගැනිමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ 23 වන තරගය‍ මෙයයි. එංගලන්තයේ ටවුන්ටන්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දු රැකිමට තිරණය කළේය. ඒ අනුව පිටියට පිවිසි බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් දැවි ලකුණු 321ක් රැස් කළේය. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ශායි හෝප් ලකුණු 96යි. ඔහුට අනගි සහයක් වෙමින් එවින් ලුවිස් ලකුණු 70ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර හතලිස් එකයි පන්දු 03 ක් අවසානයේ කඩුලු 03ක් පමණක් දැවී ජයග්‍රාහි ඉලක්කය පසු කරන ලදි. ශකිබ් අල්හසන් නොදැවි ලකුනු 124යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × two =