මහනුවර ඇසළ පෙරහරට කප් සිටුවීම අගෝස්තු 02වනදා

(කොළඹ, ලංකාපුවත්) –හෙළයේ අසිරිමත් මහා කලා මංගල්‍යය ලෙසින් හැඳින්වෙන මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයට ලබන අගෝස්තු 02 දා අලුයම සිවුමහ දේවාලයනිහි ඉපැරැණි චාරිත්‍රයානුකූලව කප් සිටුවීමෙන් ආරම්භ කෙරේ. අනතුරුව දින තුනක් දේවාල අභ්‍යන්තර පෙරහර ගමන් ගන්නා අතර ඇසළ පෙරහර වීදි සංචාරය කිරීම අගෝස්තු 5 දින ඇරඹේ.

ඒ පළමු කුඹල් පෙරහර වීදි සංචාරය කිරීම ආරම්භ කිරීමත් සමඟ වන අතර, දින පහක් කුඹල් පෙරහර වීදි සංචාරය කිරීමෙන් පසු අගෝස්තු 10 දා පළමු රන්දෝලි පෙරහර වීදි සංචාරය කෙරේ.

රන්දෝලි පෙරහර පහක් වීදි සංචාරය කෙරෙන අතර, අවසන් රන්දෝලි මහ පෙරහර අගෝස්තු 14 දා නිකිණි පුර පසළොස්වක පොහෝ දින රාත්‍රියේ විචිත්‍රවත් ලෙස පැවැත්වේ.

පසුදා අලුයම ගැටඹේ දිය කපනා තොටේදී දිය කැපුම් මංගල්‍යය පැවැත්වෙන අතර අනතුරුව එදින දහවල් පෙරහර මංල්‍යයෙන් 2019 ඇසළ පෙරහර මංගල්‍යය නිමාවේ. මෙවර ඇසළ පෙරහර මංගල්‍යය අති උත්කර්ෂවත් හා විචිත්‍රවත් ලෙස පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරෙන බව මහනුවර ශ්‍රී දළදා මාලිගවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *