ක්‍රයිස්ට්චර්ච් වීඩියෝව හුවමාරු කළ පුද්ගලයෙක්ට සිරදඩුවම්

(කොළඹ, ලංකාපුවත්) –සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව විකාශය වූ නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච්හි මුස්ලිම් දේවස්ථානයට එල්ල කළ ප්‍රහාරයේ වීඩියෝව යළි හුවමාරු කර ගත් (Share) නවසීලන්ත වැසියෙකුට මාස 21ක සිර දඬුවමක් පනවා තිබේ.

ෆිල්ප්ස් ආර්ප්ස් නමැති එම පුද්ගලයා අදාළ වීඩියෝව තවත් පුද්ගලයින් 30 දෙනෙකුට යවා ඇති බව අනාවරණය වී ඇති අතර “මරණයට පත් සංඛ්‍යාව” දක්වමින් වීඩියෝ පටය සංස්කරණය කරන ලෙස ඉන් එක් පුද්ගලයකුගෙන් ඔහු ඉල්ලා ඇති බව විමර්ෂණ වලින් අනාවරණය වී ඇත.

ෆිලිප්ස් ආර්ප්ස් මුස්ලිම් ප්‍රජාව කෙරෙහි”සානුකම්පික නොවන ආකාරයෙන් හැසිරී ඇති බව ක්‍රයිස්ට්චර්ච් දිස්ත්‍රික් විනිසුරු සටීවන් ඕ’ඩ්‍රිස්කොල් සිය තීන්දුව ලබා දෙමින් ප්‍රකාශ කළේය.

පසුගිය මාර්තු මස සිකුරාදා ආගමික කටයුතු පැවැත්වෙන අතරතුර ක්‍රයිස්ට්චර්ච්හි මුස්ලිම් දේවස්ථානයකට සහ ඉස්ලාම් ආගමික මධ්‍යස්ථානයකට තුවක්කුකරුවෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් පුද්ගලයින් 51 දෙනකු ජීවිතක්ෂයට පත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen − 11 =