ගාල්ලට ඩෙංගු අවදානමක් – රෝගීන් 2820ක්

(කොළඹ, ලංකාපුවත්) –ගාල්ල දිස්ත්‍රික්කයේ ඩෙංගු මර්දනය සඳහා විශේෂ කාර්ය බලකායක් පිහිටුවා තිබේ.

ඒ අනුව ඩෙංගු මර්දන කටයුතු අද සිට ආරම්භ කරන බව, දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය.

ගාල්ල, හික්කඩුව, අම්බලන්ගොඩ, බලපිටිය, අක්මීමන හා හබරාදූව යන ප්‍රාදේශීය සෞඛ්‍ය බල ප්‍රදේශවල වැඩි ඩෙංගු අවදානමක් පවතින බව සදහන් වේ. ගාල්ල, ආණ්ඩුකාර කාර්යාලයේ පැවති ඩෙංගු කමිටු රැස්වීමේ දී මෙම තොරතුරු අනාවරනළු වී තිබේ.

මේ වන විට ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 2,820ක් වාර්තා වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පැවසීය. ඉන් 723ක් ගාල්ලෙන් වාර්තා විය.

කරාපිටිය රෝහලේ දී ඩෙංගු මරණ 4ක් හා බලපිටිය රෝහලෙන් එක් මරණයක් වාර්තා වෙයි. පාසල්, ආගමික හා ඉදිකිරීම් පවතින ස්ථානවල වැඩි වශයෙන් ඩෙංගු කීටයන් දක්නට ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *